Thursday, May 29, 2025

General line - 0115112241

ගුවන්යානා ප්‍රමාදවීම් මගීන්ට ක්ෂණිකව දැනුම් දීමට පියවර

ටී කේ ජී කපිල



ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම පිළිබඳ ක්ෂණිකව ගුවන් මගීන්ට දැනුම් දීම සදහා පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව පැය 24 තුළ ක්‍රියාත්මක විශේෂ සන්නිවේදන ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි කටුනායක ගුවන් තොටුපොළෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.


කටුනායක ගුවන් තොටුපොළෙහි විවිධ දෙපාර්තමේන්තු වෙත ගොස්, එහි සේවකයන් සමඟ ද කතා බහක නිරත වූ අමාත්‍ය විජිත හේරත් මහතා ඔවුන්ගේ ගැටලු හඳුනාගනිමින්, ඒවාට පිළියම් යෙදීමට ද කටයුතු කර තිබෙනවා.