Wednesday, April 16, 2025

General line - 0115112241

යුක්‍රේනය අමෙරිකානු මිසයිල භාවිතා කළහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට රුසියාවෙන් ප්‍රකාශයක්



අමෙරිකාව ලබාදී ඇති දිගු දුර මිසයිල භාවිතයට පියවර ගතහොත් ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාව මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට යුක්‍රේනයට අවසර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින්. 

යුක්‍රේනයට ලබාදී තිබූ දිගු දුර මිසයිල භාවිතයට අමෙරිකාව මෙතෙක් අවසර ලබා නොදුන්නේ එමඟින් යුද්ධය තවත් තීවෘ කිරීමට හැකියාවක් පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ධූරයෙන් නික්ම යාමට සති කිහිපයක් ඉතිරිව තිබියදී එවැනි අවසරයක් ලබාදීම විශේෂිත කරුණක්.

අමෙරිකාව මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා උතුරු කොරියාව රුසියාවට සහාය පළ කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවටයි ඇතැම් විචාරකයින් මත පළ කර ඇත්තේ.