Friday, April 25, 2025

General line - 0115112241

නව පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට නම් දෙකක්



10 වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා නම් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. 

10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ලබන බ්‍රහස්පතින්දා උදෑසන 10.00 පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු, සභා නායකවරයෙකු සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් පත් කර ගැනීමට නියමිතයි. 

නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිත බවටයි වාර්තා පළ වන්නේ.