Thursday, March 13, 2025

General line - 0115112241

යාපනයේ ආරක්‍ෂක සේනා ආඥාපතිගෙන් නායකත්ව සහ අභිප්‍රේරණ දේශනයක්



යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ විසින් උතුරු පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත “ඔබට සහ ඔබේ කණ්ඩායමට සාර්ථකත්වය නිර්වචනය කිරීම” යන මැයෙන් නායකත්ව සහ අභිප්‍රේරණ දේශනයක් පවත්වා තිබුනා 

ඒ  උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී 

මෙම දේශනයේදී අභියෝග හඳුනාගැනීම, ඉලක්ක නිර්මාණය කිරීම, සීමා කිරීම් ගැටළු, වටිනාකම් නිර්මාණය කිරීම, වැඩ-ජීවිත සමතුලිතතාවය කළමනාකරණය කිරීම සහ කණ්ඩායම් වැඩ කිරීමේ වැදගත්කම යන මාතෘකා කෙරෙහි අවධානය යොමු විය.

ගරු ආණ්ඩුකාරතුමා, ප්‍රධාන ලේකම්තුමා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් 100ක් මෙම දේශනයට සහභාගී වී තිබුනා.