Saturday, May 31, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා - නවසීලන්ත තුන්වන එක්දින තරගයට වැස්ස හරස් වෙයි



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. 

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. 

වර්ෂාව හේතුවෙන් තරගය නරත කරන විට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 21 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 112 ක්. 

විල් යංග් නොදැවී ලකුණු 56 ක් සහ හෙන්රි නිකලස් නොදැවී ලකුණු 46 ක් රැස්කරගෙන සිටියා.