Saturday, March 15, 2025

General line - 0115112241

ඉන්දු - අමෙරිකානු නායකයින් අතර හමුවක්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන 19 වන ජී 20 සමුළුවට සමගාමීවයි.

ඔහුව හමුවීම සැමවිටම සතුටට කරුණක් බව එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව අගමැති මෝදි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුව ඇති බවයි වාර්තා වන්නේ.

ජී20 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ද හමුවී සාකච්ඡාවක නිරත වුණා.