Tuesday, May 20, 2025

General line - 0115112241

අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට යද්දී පරණ ඇමතිවරු CID යට



රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරුන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. 

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහායි. 

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට දිනයේ ක්‍ෂෘය හමුවේ පෙනී සිටින බවටද දැනුම්දී තිබෙනවා.