Saturday, March 15, 2025

General line - 0115112241

ඊශ්‍රායල් ප්‍රහාරයකින් ලෙබනන් වැසියන් 20 දෙනෙකු මරුට



ඊශ්‍රායලය විසින් ලෙබනනයේ මධ්‍යම බේරූට් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

බේරූට් නගරයේ තට්ටු අටකින් යුත් ගොඩනැගිල්ලකට මෙලෙස මිසයිල ප්‍රහාර 04 ක් එල්ල කර තිබෙනවා. 

එමෙන්ම ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට හා රෝහලකට ද ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිල්ලේ කිසිදු හිස්බුල්ලා සාමාජිකයෙකු සිට නොමැති බවයි. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ප්‍රහාරවලට පෙර එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කර නොමැති අතර ප්‍රහාරය පිළිබඳව ඔවුන් මෙතෙක් අදහස් දක්වා නැහැ.