Saturday, May 31, 2025

General line - 0115112241

උසස්පෙළ ගැන තීරණය 29වනදායින් පසු



උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් එළැඹෙන 29වනදායින් පසුව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. 

ඒ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි. 

පවතින අධික වැසි තත්ත්වය සලකා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ තීරණය කළා. 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නැවත විභාගය ලබන 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි.