Friday, April 19, 2024

General line - 0115112241

‘සාමසර නායයෑමටත්‘ වඩා වැඩි විනාශයක් අත ළඟ (PHOTOS)




උඩරට දුම්රිය මාර්ගය ද අවදානමකට ලක්කරමින් සිදුවන පරිසර විනාශයක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අමර සූරියප්පෙරුම පැවසුවේ මාකෙහෙල්වල අක්කර 60ක ඉඩමක් පුද්ගලයෙක් හොර ඔප්පුවක් මගින් ලබාගෙන එය විනාශ කරමින් සිටින බවත්,මෙය දිගින් දිගටම සිදු වූවොත් උඩරට දුම්රිය මාර්ගය ගිලා බසින බවත් මාකෙහෙල්වල හා මාලියද්ද ගම් නාය යා හැකි බවත් එය සාමසර කන්ද නාය ගියාටත් වඩා විශාල හානියක් ගෙන දෙනු ඇති බවත්ය.

මාවනැල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ද මෙම කරුණු සාකච්ඡාවට ගැනුණා. එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බවයි.

නායයෑමට ලක්වූ සාමසර කන්ද පිහිටා තිබෙන්නේ ප‍්‍රශ්නගත මෙම පරිසර විනාශය සිදුවන මාකෙහෙල්වල ඉඩමේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරකින්. සාමසර කන්ද නායයෑමෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මියගියා.
සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් රහසිගතව ලබාගත් ඡායාරූප පහතින්.

Image00010

Image00006

Image00007

Image00008

Image00009