Friday, March 14, 2025

General line - 0115112241

ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කරයි 



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධානියා ලෙස ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබෙනවා 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි 

2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ වූ අතර, එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්විය.

ICC සභාපති ලෙස ධුර කාලය ආරම්භ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රධාන අරමුණක් මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය තවදුරටත් වේගවත් කිරීම ඇතුළු කරුණු ඔහුගේ ධුර කාලය තුල සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි.