Tuesday, May 20, 2025

General line - 0115112241

මැති ඇමති සහ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට



මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව  ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා වෙත අද භාර දෙනු ලැබුවා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.