Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරියේදී ‘කරන දේ‘ ගැන ඩිල්ෂාන්ගෙන් හෙළිදරව්වක්!




එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමට තමන් තීරණය කළේ කලක් තිස්සේ සැලසුම් කර නොව හදිසියේම බව තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඔස්ටේ‍්‍රලියාව සමග දඹුල්ලේ හෙට පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගයට පෙර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

ඔහු එහිදී පැවසුවේ ‘‘දඹුල්ලෙන් අයින් වෙනවා කියලා හිතුනේ නෑ මොකද මම ටෙස්ට් තරඟ වලිනුත් එකපාරට උදේ නැගිටලා තමා මට හිතුනේ දැන් නවත්වනවා කියලා ඒ වගේම තමයි ඊයේ උදේ නැගිටලා මට හිතුණා මට දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා නවකයෙකුට අවස්ථාව දෙන්න ඕන කියලා නැගිට්ට ගමන් මට ඒක හිතුණා. ඉතිං මං මගේ බිරිඳ සහ දෙමව්පියෝ එක්ක කතා කරලා ඒ තීරණය ගත්තා. හැමතිස්සේම මම තීරණ ගද්දි මගේ පවුලේ අය එක්ක සාකච්ඡා කරලා ගන්නේ. ඉතිං උදේ නැගිටලා හිතුණ දේ ගැන සාකච්ඡා කළා. ඒගොල්ලොත් කීවේ හොඳයි ඔයාට හිතෙනවනම් ඇති කියලා ඒක නවත්වන්න‘‘ යනුවෙනි.

වසර 17කට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් තමන් විශාල මෙහෙයක් ඉටුකළ බවත් ඒ  පිළිබඳ තමන් තෘප්තිමත් බවත් තිලකරත්න ඩිල්ෂාන් මෙහිදී කියා සිටියා.

හෙට තරගයේදී ද ඉහළ දක්ෂතා දක්වා එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සුභවාදීව සමුගැනීම සිය අපේක්ෂාව වන බවද තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියා.

ඉදිරියේදී  ව්‍යාපාරික කටයුතු වල නිරත වීම තම අපේක්ෂාව බවද ඩිල්ෂාන් වැඩිදුරටත් කියා සිටියා.