Tuesday, April 15, 2025

General line - 0115112241

බංග්ලාදේශයට යන්නේ බලාගෙනයි - බ්‍රිතාන්‍ය පුරවැසියන්ට කියයි



බංග්ලාදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් සම්බන්ධයෙන් දැනුම් දෙමින්.

ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් දකුණු ආසියානු ජාතිය තුළ "ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති" බැවින්, එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට බංග්ලාදේශයට යාමට එරෙහිව අනතුරු අඟවා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අඟහරුවාදා නිකුත් කරන ලද නව සංචාරක උපදේශනයකදී බ්‍රිතාන්‍ය රජය එම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.

ජනාකීර්ණ ප්‍රදේශ, ආගමික ගොඩනැඟිලි සහ දේශපාලන රැස්වීම් මෙන්ම විදේශීය ජාතිකයන් ගැවසෙන ස්ථාන ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ඉලක්ක  විය හැකි බවයි පැවසෙන්නේ.