Wednesday, April 24, 2024

General line - 0115112241

හාගල මහා ගින්න තවදුරටත් – අක්කර 4000 විනාශයි




බෙලිහුල්ඔය හාගල වන රක්ෂිතයේ ඊයේ සවස ආරම්භ වූ ගින්න තවදුරටත් පැතිර යමින් තිබෙනවා.

මේ හේතුවෙන් අක්කර 4000ක ප්‍රදේශයක් විනාශ වී ඇති බවද වාර්තා වනවා.

බෙලිහුල්ඔය, සමනලවැව සහ හිරකටුව ඔය පෝෂණය වන ජල මූලාශ‍්‍ර ද පිහිටා තිබෙන්නේ මෙම ගින්න පැතිර යන ප‍්‍රදේශයේයි.

වියළි කාලගුණ තත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට අපහසු බවයි වාර්තා වන්නේ.