මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් කණ්ඩායම් දෙකක් එම විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිසිය පැවසුවේ.
එම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ දියණියක් තුවාල ලැබුවේ ඊයේ රාත්‍රියේදීයි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇයගේ පියා ද වැඩිදුරටත් බලපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් දෙදෙනා නිවසේ රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බටු මීයා’ නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි වාර්තා වන්නේ.