Thursday, March 13, 2025

General line - 0115112241

මැලේසියානු මහ කොමසාරිස් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි



ශ්‍රි ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Adam ( බද්ලි හිසාම් ආදම්) මැතිතුමා හා  දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා අතර සුහද හමුවක් 2024-12-16 දින උදෑසන දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය.

ශ්‍රි ලංකාවේ නව රජය ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව සතුට පලකළ මහකොමසාරිස්වරයා, මධ්‍යම රජය සමග එළඹුනු එකඟතාවයකින් දකුණු පළාත ඇතුළු අනෙකුත් පළාත්වල විවිධ සංවර්ධන කටයුතු සිදු කිරීමටත්, ද්විපාර්ශවීය වෙළඳ ගිවිසුම් වලට එළඹවීමට ඇති හැකියාවත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මැලේසියාවේ  සංවර්ධන කටයුතු ඇතුළු විවිධ කටයුතු පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවන් දකුණු පළාතට ලබා දීමේ හැකියාව පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

මෙහිදී ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය විසින් සකසන ලද දකුණු පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන, දකුණට ආවේණික කර්මාන්ත, පුරාවිද්‍යා ස්ථාන, ආගමික හා ජාතික ස්ථාන ඇතුළුව වැදගත් ස්ථාන ඇතුලත් වීඩියෝ වාර්ථා වැඩසටහනක් නැරඹීම සඳහාද මහකොමසාරිස්වරයාට අවස්ථාව උදාකරනු ලැබීය.

මෙම හමුව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර පුද්ගලික ලේකම් බී.කේ.එස්.රවින්ද්‍ර,
දකුණූ පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.යූ.චන්ද්‍රලාල්, ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් සුධර්මන් වෛද්‍යරත්න යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.