Thursday, April 17, 2025

General line - 0115112241

ජනාධිපති ඉන්දීය සංචාරය නිමාකරයි

ටී කේ ජී කපිල



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. 

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. 

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින්. 

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය සංචාරය සදහා පිටත්ව ගියේ ඉකුත් 15වනදායි.