Wednesday, March 12, 2025

General line - 0115112241

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ



රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා. 

ඒ,  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින්. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකොන්, ලක්මාලි හේමචන්ද්‍ර එහි සෙසු සාමාජිකයින් වනවා.

මේ අතර 10වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 

ඊයේ දිනයේ දී ද නව මන්ත්‍රීවරු සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.