Tuesday, March 11, 2025

General line - 0115112241

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි



නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි ප්‍රකාශ කෙරුණේ. 

ඒ අනුව උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

 නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.