Tuesday, March 11, 2025

General line - 0115112241

සහන දෙන්න සල්ලි හොයාගන්න බැරි වුණොත් ආයෙත් ආර්ථික අර්බුදයක්



ජනතාවට ලබා දුන් සහන වැදගත් නමුත් එලෙස සහන ලබා දීමට රජය මුදල් සොයා ගන්නේ කෙසේදැයි පැහැදිලි කල යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.

 බදු අඩු කිරීම හරහා අහිමි වන ආදායම සොයාගත නොහැකි වුවහොත් යළි ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවයි ඔහු සඳහන් කළේ. 

රටට නව ආදායම සොයා ගන්නා පැහැදිලි වැඩපිළිවෙළක් මෙතෙක් පෙනෙන්නට නොමැති බවයි ඔහු පැවසුවේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.