Friday, April 19, 2024

General line - 0115112241

රුපියලට නැවතත් හොඳ කලක්!




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල ක‍්‍රමයෙන් ශක්තිමත් වීමට පටන්ගෙන තිබෙනවා.

මහ බැංකුවේ දැඩි ප‍්‍රතිපත්ති මීට හේතු වී තිබෙන බවයි ඉකොනමි නෙක්ස්ට් ආර්ථික පුවත් වෙබ් අඩවියේ් සංස්කාරක අසන්ත සිරිමාන්න පෙන්වා දෙන්නේ.

මහබැංකුව මුදල් අච්චු ගැසීම නතර කිරීම සහ ශ‍්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් සමග විදේශීය ආයෝජකයින් ද ධෛර්යමත් වී සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ‍්‍රී ලංකා මහබැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ඊයේ සඳහන් වූයේ රුපියල් 143යි ශත 64ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 147යි ශත 52ක් ලෙස සටහන් වුණා.