Monday, March 10, 2025

General line - 0115112241

උත්සව සමයේදී ළමුන් ගැන වැඩි අවදානයක් යොමු කරන්න - වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්



උත්සව සමය තුළදී ළමුන්ට නිවසින් පිටතදී ලබාදෙන ආහාර සහ ජලය පිළිබඳ අවදානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ පවසනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ අපිරිසිදු ආහාර ගැනීම තුළින් මේ දිනවල පාචනය සහ උණ සන්නිපාතය පැතිර යාමේ හැකියාවක් පවතින බවයි.

ගිනිකෙලි භාවිතයේදී ළමුන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා විමසිලිමත්ව කටයුතු කරන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීමක් ද කළා.