Monday, March 10, 2025

General line - 0115112241

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද සිට ඉවතට



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද දිනයේ සිට ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.    

ඒ අනුව අද පස්වරු 06.00 වන විට එලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින සිය සාමාජිකයින් ඉවත් කර ගන්නා ලෙසටයි ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ. 

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට මේ දක්වා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා. 

මේ එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා පසුගිය කාලයේ රජය වැය කර ඇති මුදල් සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ වුණා.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ට යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමෙන් මහා භාණ්ඩාගාරයට මුදල් ඉතිරියක් වන්නේ දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. 

ඒ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින පිරිස අඩු කිරීම දේශපාලන පලි ගැනීමක් බව ද ඔහු එහිදී කියා සිටියා.