Tuesday, May 20, 2025

General line - 0115112241

නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව



නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

පිරිමි රැඳවියන් 385 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 04 දෙනෙකු හෙට දිනයේ එලෙස නිදහස හිමි වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඉන් වැඩිම පිරිස වන රැඳවියන් 48 දෙනෙකු නිදහස් වන්නේ මහර බන්ධනාගාරයෙන්. 

වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් 45 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 41 දෙනෙකුටද විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස හිමි වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.