ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 100 ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චර්ම පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් පසුගිය වසර 02 තුළ වැඩි කාලයක් ගත කර ඇත්තේ රෝහල්වලයි. ඔහුගේ අභාවය පිළිබඳ පළමුව දැනුම් දුන්නේ ධවල මන්දිරයයි.
ඒ, ඞ පණිවිඩයක් මඟින්.
ඇමරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ජිමී කාටර් නම් කෙරුණේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඔහු සිය 100 වැනි උපන්දිනය සැමරූ අවස්ථාවේදීයි.
ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ඔහු ඇමරිකාවේ 39 වන ජනාධිපතිවරයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.