මියන්මාර සරණාගතයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී මෙරටට පැමිණීමට ඉඩ ඇතැයි තහවුරු කළ තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ දැනටමත් සරණාගතයින් පිරිසක් නීති විරෝධීව රටට ඇතුළු වී ඇති බවයි.
මියන්මාරයේ පවතින හිංසාකාරී සිද්ධීන් හේතුවෙන් මෙලෙස එරට සරණාගතයින් විවිධ රටවලට පලා යමින් සිටිනවා.
කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින මියන්මාර සරණාගතයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ.