Thursday, April 25, 2024

General line - 0115112241

සිංහයෝ දණ ගස්වන්න කැන්ගරු පිලේ වෙනස්කම් කිහිපයක්!




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ 3 වන එක්දින තරඟය හෙට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හෙට තරඟයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙනවා.

දෙවන තරඟයේ පරාජයෙන් පසු නැවත ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නායක ස්ටීවන් ස්මිත් වෙනුවට ඩේවිඩ් වෝනර් හෙට ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවනු ඇති

හෙට තරඟයේදී ඕස්ට්‍රේලියානු පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ

දෙරට අතර පැවති තෙවන ටෙස්ට් තරඟයේ ශතකයක් ලබාගත් ෂෝන් මාෂ් හෙට තරඟය ක්‍රීඩා කරනු ඇතැයි වාර්තාවනවා.

එමෙන්ම පළමු ටෙස්ට් තරඟ දෙකට ක්‍රීඩා කළ උස්මාන් ක්වාජාද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වනු ඇතැයි පැවැසෙන්නේ.

හෙට තරඟය සඳහා ඕස්ට්‍රේලියානුවන් තවත් වේගපන්දු යවන්නෙකු යොදාගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද වාර්තාවනවා.

ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය සහ ඉබ්බන්කටුව වැව දෙසින් පැමිණෙන සුළඟින් කිසියම් ප්‍රයෝජනයක් ගැනීමේ අදහසින් ඔස්ට්‍රේලියානුවන් තවත් වේග පන්දු යවන්නකු කැඳවීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ.