Saturday, March 1, 2025

General line - 0115112241

කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමග නවගමුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට



නවගමුව, කොරතොට ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 300ක් සහ හෙරොයින් ග්‍රෑම් 792ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

ඒ, සැකකරුගේ නිවස නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හදිසි පරික්‍ෂාවකට ලක් කළ අවස්ථාවේදීයි. 

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් එක් ලක්ෂ 20,000ක මුදලක්ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.