අපරාධ සඳහා අවි ආයුධ කුලියට ලබාදීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ අපරාධ සිද්ධීන් විමර්ශනය කිරීමේදී හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
නීති විරෝධී අවි ආයුධ සමාජයෙන් තුරන් කිරීම සඳහා ජනතාවගේ ද සහාය අවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
නීති විරෝධී අවි ආයුධ 2,202ක් පසුගිය වසර තුළදී පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.
මේ අතර, පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් දැනට පළාත් අපරාධ කොට්ඨාස ස්ථාපිත කර තිබෙනවා.
සෙසු පළාත්වලද එම කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම සහ අපරාධ සම්බන්ධ විමර්ශන විධිමත් කිරීමයි.
එම අපරාධ කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවද මහජන ආරක්‍ෂක හ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.