Thursday, April 25, 2024

General line - 0115112241

රංගේ පොලිසියේ ASP තනතුරක් ඉල්ලයි




පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිටියදී දේශපාලන පළිගැනීමකට ලක් වූ තමන් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු සිය ඉල්ලීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට සහ එම අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව ලබාදී ඇති බවයි වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙන් විමසීමක් ද කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ “මම එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරියගෙන් විශ්‍රාම යන්න ඉල්ලීමක් කළා. ඔහු මගේ විශ්‍රාම ඉල්ලුම් පත්‍රයවත් බාර ගත්තෙ නැහැ. අවසානයේ මට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒ කාලයේ මට ලක්වෙන්නට සිදුවූ දේශපාලන පීඩනය නිසා මගෙ උසස්වීම් පවා අහිමිවුණා. ඉතින් දැන් මම සාධාරණය ඉල්ලලා තියෙනවා.” යනුවෙනි.

සේවා කාලය තුළදී තමන් පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශංසා ලිිපිද ලබා ඇති බවයි පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.