Friday, February 28, 2025

General line - 0115112241

කළුබෝවිල වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සොයා ගැනේ



කළුබෝවිල ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සොයාගෙන තිබෙනවා. 

ඒ, පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ දමාගොස් තිබියදීයි. 

එම යතුරු පැදිය සොයාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. 

එම යතුරු පැදිය කොහුවල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.