Sunday, March 30, 2025

General line - 0115112241

පාසලකදී මත්ද්‍රව්‍යය පානය කළ සිසුන් 06ක් සිහිසුන් වෙයි



රාජගිරිය ප්‍රදේශයේ පාසලක් තුළදී කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කළ සිසුන් 06 දෙනෙකු හදිසියේ සිහිසුන් වී ඇද වැටී තිබෙනවා. 

ඒ අතර සිටි එක් සිසුවෙකු එම මත්ද්‍රව්‍ය පාසලට රැගෙන විත් සිය මිතුරන් 05 දෙනෙකු සමග එය පානය කර ඇති බවයි වාර්තා වුණේ. 

සිද්ධිය සම්බන්ධයෙන් එම පාසල විසින් වැලිකඩ පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය පාසලට රැගෙන ආ සිසුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිය මව මත්ද්‍රව්‍ය අලෙවි කරන බවයි. 

ඒ අනුව එම සිසුවාගේ මව වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.