Friday, February 28, 2025

General line - 0115112241

වී අලෙවි මණ්ඩල පනත දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි



ගොවියා සහ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ඒ අනුව එම පනතේ ඇතැම් වගන්ති සංශෝධනයට ලක් කරන බවද ඔහු කියා සිටියා. 


පස්වරු 05න් පසුව සහල් වැඩි මිලට අලෙවි කරන බවට අනාවරණ වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ සඳහා විශේෂ වැටලීම් සිදු කර පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමටද පියවර ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.