Saturday, May 10, 2025

General line - 0115112241

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 35කට තුවාල



මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක්  මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් 35 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් විසිනව දෙනෙකු ගන්දර රෝහලටත් තවත් හය දෙනෙකු මාතර මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.