ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සටන් විරාමය තාවකාලික විය හැකි බවට ගාසා තීරයට අනතුරු අඟවා තිබෙනවා.
ඒ, ඕනෑම මොහොතක ගාසා තීරයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට තමන්ට අයිතියක් පවතින බවට පවසමින්.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල සහ ගාසා තීරයේ සටන් විරාමයේ පළමු අදියර අද සිට ආරම්භ වීමට නියමිත පසුබිමක් තුළයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් පවසන්නේ සටන් විරාමයේ දෙවන අදියර සඳහා වන සාකච්ඡා සාර්ථකව සිදු නොවන්නේ නම් ගාසා තීරයේ සටන් නැවත ආරම්භ වන බවයි.
ඒ සඳහා අමෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද සහාය හිමි වන බවයි ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුවක් ඊශ්‍රායලයට ලබා දෙන තෙක් සටන් විරාමය ආරම්භ නොවන බවයි ඊශ්‍රායල අගමැතිවරයා පැවසුවේ.