Sunday, March 30, 2025

General line - 0115112241

බස් රථ අනතුරෙන් තුවාල ලැබූ ගණන 62ක් දක්වා ඉහලට 



මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ගණන 62ක් දක්වා ඉහල ගොස් තිබෙනවා 

තුවාලකරුවන් සියළුම දෙනා මේ වන විට මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ගන්දර පොලිසිය සඳහන් කර සිටියේ 

 තුවාලකරුවන් අතර කාන්තාවන් 32 ක්, වයස අවුරුදු 26 ක නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු සිටීන අතර මොවුන් අතරින්  එක් බස් රථයක රියදුරු හා තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා 

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක්  මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.