Sunday, March 30, 2025

General line - 0115112241

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට



ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා 

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් දහවල් කාලයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කර සිටියේ 

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා 

මිය ගිය මෙම පුද්ගලයා වයස අවුරුදු 24ක් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා 

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය සිදු කරනු ලබනවා