Friday, February 28, 2025

General line - 0115112241

ගල්කිස්ස හා මන්නාරම වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් පොලීිසියට කොටු වෙයි



ගල්කිස්ස, සිරිපාල මාවත ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය ද සමඟයි. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 


මේ අතර පසුගියදා මන්නාම අධිකරණය ඉදිරිපිට පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ එම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සක්‍රිය රෝහලේ යෙදී සිටින යුද හමුදා සෙබලෙකු වන බවයි.