පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහන ගමනාගමනය නතර කර තිබෙනවා
ඒ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල මනම්පිටිය අතර ස්ථාන කීපයක් ගංවතුරෙන් යටවීම හේතුවෙන්
එම මාර්ගය අද (19) පස්වරු සිට නැවත දැනුම් දෙන තුරු සැහැල්ලු වාහන ගමනාගමනය නොකරන ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා
මේ අනුව එම මාර්ගය ජලයෙන් අඩි දෙක හමාරක් පමණ යටව ඇති අතර මාර්ගයේ ජල මට්ටම ඉහළ යන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පවසනවා
තවද මාර්ගයේ ගමන් ගන්නා වාහන වල ආරක්ෂාව සඳහා යුද හමුදා කණ්ඩායම් සහ පොලිසිය යොදවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ