දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය පැවසුවේ.
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 58ක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග අධ්‍යක්‍ෂක, ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.
මේ අතර ඇද හැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ සහ උතුරු මැද පළාතේ සියලු පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
උතුරු මැද පළාතේ පෙර පාසල් අද දිනයේ මෙන්ම හෙට දිනයේ ද වසා දමන බවයි එම පළාතේ ප්‍රධාන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පැවසුවේ.
මේ අතර ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.