Sunday, March 30, 2025

General line - 0115112241

ඉකුත් පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය මඩකලපුවට



මඩකලපුව, අයිට්මලෙයි ප්‍රදේශයට මිලි මීටර් 116යි දශම 5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 07.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය එලෙස එම ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි. 

අම්පාර, ලාහුගල ප්‍රදේශයට මිලි මීටර් 73යි දශම 5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.