Sunday, March 30, 2025

General line - 0115112241

දුම්රිය එන්ජිමක ගින්නක්.



බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. 

ඒ, එඬේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. 

එම දුම්රියේ එන්ජිමේ ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ද ප්‍රමාද වී තිබෙනවා. 

කෙසේවෙතත් මේ වන විට දුම්රිය එන්ජිමේ හටගත් ගින්න නිවාදමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.