Monday, March 31, 2025

General line - 0115112241

ජල ගාස්තු අඩු කරන්න අධ්‍යයනයක්



විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කල විමසීමකදී පැවසුවේ විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බවයි. 

ඒ අනුව එහි අවසන් වාර්තාව සති දෙකක් තුළ අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා. 

මේ වන විට මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. 

පසුගිය වසරේ අගෝස්තු 21 වනදා ජලගාස්තු සංශෝධනයක් සිදු වුණා. 

එහිදී ජල ගාස්තු සියයට 5යි දශම 9යි 4කින් අඩු කෙරුණා.