Friday, March 29, 2024

General line - 0115112241

‘ඩිල්ස්කූප්’ ඉතිරි කර ඩිල්ෂාන් පිටියෙන් සමුගනී




වසර 17ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකළ තිලකරත්න ඩිල්ෂාන් අද (28) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙනවා.

ඔහු සහහභාගි වන අවසන් එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන් හෙවත් ටී.එම්. ඩිල්ෂාන් උපත ලබන්නේ 1976 වසරේ ඔක්තෝබර් 14 වැනි දිනයි. කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඩිල්ෂාන්, පාසල් අවධියේ සිටම ක්‍රිකට් පිටියේ දක‍්ෂතා දැක්වීමට සමත් වුණා.

1999 දෙසැම්බර් 11 වනදා සිම්බාබ්හිදී සිය පළමු එක්දින තරගය ක්‍රීඩා කළ ඩිල්ෂාන් එතැන් පටන් 17 ත් වසරක් පුරා ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබීමට සිය උපරිම දායකත්වය ලබාදුන්නා.

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩිල්ෂාන් එක්දින තරග 329 කට ක්‍රීඩා කරමින් රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව දස දහස් දෙසිය හතලිස් අටක් (10248) වනවා. පන්දු යවන්නෙකු ලෙස කඩුලු 106 ක් දවා ගෙන ඇති ඩිල්ෂාන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු රකින්නෙකු ලෙසද සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වනවා.

දාහත් වසරක මෙහෙවර නිමා කරමින් ඩිල්ෂාන් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද ඩිල්ස්කූප් නමින් ඔහු හඳුන්වා දුන් ක්‍රිකට් පහර හේතුවෙන්ම ඔහුගේ නාමය කිසිදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මැකී නොයනු ඇති.

73501 143256 164319 article-2450721-04C42CC400000514-325_634x398 dilshan-dilscoop-1447159483-800 til-1452142402-800 Tillakaratne-Dilshan-plays-dilscoop-110412-G540 Tillekratne Dilshan-dilscoop