Thursday, February 27, 2025

General line - 0115112241

මහියංගනය - මහනුවර ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනයට යළි විවෘත කෙරේ



නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායකගෙන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශයන්හි අපේක්ෂිත කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කරුණු දැක්වූවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ   මහනුවර - මහියංගන මාර්ගය, අද උදෑසන 06.00 සිට යළි විවෘත කර තිබෙනවා. 

එම මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් ඊයේ පස්වරු 06.00 සිට වසා දැමුණේ 44 කිලෝ මීටර් කණුව අසලින් එම මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමේ අවදානමක් සැලකිල්ලට ගෙනයි.