Saturday, May 31, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට



පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යළි රැස්වනවා. 

ඒ අනුව මෙම සතියට අදාල පාර්ලිමේන්තු කටයුතු අද සිට ලබන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි.    

රජය විසින් ක්‍රියාත්මක කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.