Saturday, March 29, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් අනුවයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.