Friday, April 18, 2025

General line - 0115112241

හොරු ඇල්ලීම ගැන ආණ්ඩුවෙන් යළි ප්‍රකාශයක්



පසුගිය කාල සීමාවේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් ඇති බව ඒවායේ චූදිතයින්ට දැනෙන්නට පටන්ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන මෙම වසරේදී ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000 බැගින් ලබාදීමේ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.