Saturday, March 29, 2025

General line - 0115112241

ඉන්දු - ජපාන - ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්



ඉන්දියාව සහ ජපානය අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා අතර එම හමුව සිදුව ඇති බවයි.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනාම මේ වනවිට අමෙරිකාවේ වොෂිංගන් නුවර රැඳී සිටින අතර ඊට සමගාමීවයි ද්විපාර්ශවීය සාකච්ඡා සිදුව ඇත්තේ.

"ජපානයේ විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා හමුවීම සතුටක්. අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළා. 

Quad සම්බන්ධ වර්ධනයන් පිළිබඳවද සාකච්ඡා කළා," එස් ජයිශංකර් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.  

එමන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් අමෙරිකාවේ වොෂිංගන් නුවරදී ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ද හමුවී ඇති අතර ද්විපාර්ශවික වශයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා අමෙරිකාවට ගොස් තිබෙනවා.